සැක කටයුතු පාර්සල් කිහිපයක් වැලිකඩ බන්ධනාගාරයට


වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයෙන් බන්ධනාගාරය තුළට විසි කරන ලද සැක කටයුතු පාර්සල් කිහිපයක් බන්ධනාගාර නිලධාරින්ගේ භාරයට ගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළේ අදාළ පාර්සල් තුළ තිබි අයිස් මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ඇසුරුමක් ,ජංගම දුරකථන දෙකක් ,සිම්පතක්,මත්පෙති බවට සැක කෙරෙන පෙති 35ක් සහ ජංගම දුරකථන බැට්රියක් සොයා ගෙන ති‌බේ.



Recommended Articles