සායනික අපද්‍රව්‍ය ගැන තොරතුරු නොදෙන රෝහල් 19 ක්


රෝහල් වලින් ඉවත ලන සායනික අපද්‍රව්‍ය සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රධාන රෝහල් 59ක් වෙත තොරතුරු දැනගැනීමේ පනතට අනුව තොරතුරු ඉල්ලා සිටිනු ලැබුවත් ඉන් රෝහල් 19ක් එම තොරතුරු ලබා දීම මග හරිමින් සිටි.

මේ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා අයදුම්පත් යොමුකරනු ලැබුවේ  2020 පෙබරවාරි මස වන අතර නමුත් අද වනවිටත් එම අයදුම් පත් සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් ලබා නොදුන් රෝහල් 12 ක් මෙන්ම විවිධ හේතු දක්වමින් තවමත්  තොරතුරු ලබානොදුන් රෝහල් 07ක් වේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත ප්‍රකාරව මේ වනවිට තොරතුරු කොමිසමට පැමිණිලි කිරීමට සිදුව තිබේ.

ඒ ආකාරයෙන් තොරතුරු ලබානොදුන් රෝහල් 

 1- තංගල්ල මුලික රෝහල

 2-මාතර මහ මහරෝහල

 3- අංගොඩ මුලික රෝහල

 4-කෑගල්ල මහ රෝහල

 5-පේරාදෙණිය ශික්ෂණ රෝහල

 6-මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල

 7-කාසල් විදිය කාන්තා රෝහල

 8-හොරණ මුලික රෝහල

 09-හලාවත දිස්ත්‍රික් මහා රෝහල

10 -යාපනය දිස්ත්‍රික් මහරෝහල

 11-මුලතිවු දිස්ත්‍රික් මහ රෝහල

 12 බලපිටිය මුලික රෝහල

 13-පානදුර මුලික රෝහල

 14 -ජාතික දන්තයන ශික්ෂණ රෝහල

 15-ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල

 16 -කුලියාපිටිය මුලික රෝහල

 17- කුරුණෑගල ශික්ෂණ රෝහල

 18 -කිලිනොච්චිය දිස්ත්‍රික් රෝහල

 19 -කළුතර දිස්ත්‍රික් මහ රෝහල

2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම් පිළිබඳ  දැනගැනීමේ පනතේ 3(1) වගන්තියට ප්‍රකාරව පුරවැසියන්ට තොරතුරු සදහා ප්‍රවේශ වීමේ අයිතියක් මෙන්ම එම තොරතුරු ලබා නොදෙනේ නම් ඒ සම්බන්ධයෙන්ද දැනගැනීමේ අයිතියක් තිබේ.



Recommended Articles