සායන ඖෂධ එවන්න නිවැරදිම ලිපින ඉල්ලයි


කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සායන සඳහා පැමිණෙන රෝගීන්ට අවශ්‍ය සායනික ඖෂධ මේවනවිට සකස්කර ඇති බැවින් ඒවා නිවසටම ලැබීමට සැලැස්වීමට නිවැරැදි ලිපිනයන් රෝහලට ලැබීමට කටයුතු කරන ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා ඉල්ලීමක් කරයි .

මෙම තොරතුරු දැනුම්දීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ 037-2222261-63-63 හෝ 037 - 2225190-91-92 යන දුරකථන අංක වලට කතා කර තම ලිපින හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

ගීතාංජලී ප්‍රියදර්ශනී



Recommended Articles