සාමණේර හිමිවරුන් දෙනමක් ලිංගික අපයෝජනයට ලක්කල චීවරධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට


ඇලයාපත්තුව  පොලිස් වසමේ බුලංකුලම ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි වයස අවුරුදු 10ක සහ 13ක සාමණේර හිමිවරුන් දෙනමකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කල චීවරධාරීන් දෙදෙනෙකු ඊයේ (4දා) අත්අඩංගුවට ගත් බව ඇලයාපත්තුව පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 23ක  සහ 24 වියේ පසුවන චීවරධාරීන්  දෙදෙනෙකි. 

හදිසි ඇමතුම් ඒකකයට (119) ලද පැමිණිල්ලකට අනුව මෙම විහාරස්ථානයට ගොස් සිදු කල විමර්ශනයකදී, පිරිවෙන් අධ්‍යාපනය ලබන 13 හැවිරිදි  සාමණේර  හිමිනමක් සහ 10 වන වියේ පසුවන පසු වන සාමණේර හිමි  නමක්, මෙලෙස අපයෝජනයට ලක්ව ඇති බව පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් චීවරධාරීන් දෙදෙනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.

ඇලයාපත්තුව පොලිසියේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් බණ්ඩාර මහතාගේ උපදෙස් මත නිලධාරීහු  පිරිසක් මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන සිදු කරති. 



Recommended Articles