සාමණේර හිමිනමක් විදුලි සැර වැදී අපවත්වෙති


12 හැවිරිදි සාමනේර හිමිනමක් විදුලිසැර වැදීම නිසා අපවත්වී ඇති බව බුලත්සිංහල පොලීසිය පවසයි.

බුලත්සිංහල ඈගල්ඔය පාරමිතා විහාරයේ වැඩ සිටි පදවියේ පේමරතන නම් 12 හැවිරිදි සාමනේර හිමියන් මෙසේ අපවත්වී ඇත.

තම කාමරයේදී විදුලි උපකරණයක් අලුත්වැඩියා කිරීමට යාමේදී මෙසේ විදුලිසැර වැදී ඇති බවත් අනතුරුව විහාරාධිපති හිමියන් ඇතුළු පිරිස සාමනේර හිමියන්ව බුලත්සිංහල රෝහලට ඇතුලත් කර ඇතත් ඒ වන විටත් උන් වහන්සේ අපවත්වී සිට ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

මතුගම බන්දු තඹවිට



Recommended Articles