සාපෙළ පළමු ප්‍රශ්නපත්‍රයට මුහුණදුන් සිසුවා නිවසට විත් ගෙළවැළලාගනියි


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු දින ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් සිසුවෙකු ආපසු නිවසට විත් ගෙලවැලලාගෙන මියයාමේ සිද්ධියක් කටුගස්තොට පොලිස් වසමෙන් වාර්තාවේ .

එසේ මිය ගොස් ඇත්තේ කටුගස්තොට පොලිස් වසමේ ජම්බුගහපිටිය ප්‍රදේශයේ 17 හැවැරිදි සිසුවෙකු වන අතර එම සිසුවා වත්තේගම අධ්‍යාපන කලාපයේ ආදර්ශ විදුහලක අධ්‍යාපනය හදාරමින් සිට ඇත .

සිසුවා ඔහු සිටි කාමරයේ බාල්කයක වයරයක් ආධාරයෙන් ගෙල වැළලාගෙන සිටියදී නිවැසියන් දැක වයරය කපා ජම්බුගහපිටිය රෝහලට රැගෙන ගියත් ඒ වන විටද ඔහු මිය ගොස් සිටි බවට අනාවරණය වී ඇති බව පොලිසිය කියයි .

සිසුවා එසේ ගෙල වැලලාගෙන සියදිවිහානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කරේ.



Recommended Articles