සාපෙළ ඇගයීම් කළ අයට දින දෙකක රාජකාරී නිවාඩුවක්


2023.08.18 දින සිට 2023.08.27 දින දක්වා පැවති අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයේ ඇගැයීම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධ වූ සියලු ම විදුහල්පතිවරුන් හා ගුරුවරුන් සඳහා 2023.08.28 හා 29 යන දෙදින රාජකාරි නිවාඩු ලබා දීමට තීරණය කර ඇත.

ඒ අනුව, මෙම රාජකාරි නිවාඩු අනුමත කර ගැනීම සඳහා උක්ත නිලධාරීන් විසින් ඇගැයීම් කටයුතු වලට සහභාගි වූ බවට, තම පැමිණිමේ සහතික අදාළ අනුමත කිරීමේ බලධාරීන් ඉදිරිපත් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.



Recommended Articles