වැල්ලවාය පොලිසියේ, පොලිස් නිළධාරින් පිරිසක් විසින්, වැල්ලවාය නගරයට ආසන්න ස්ථානයක අද ( 30 ) දහවල් සිදුකල වැටලීමක් අතරතුර සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරිමට යාමේදී, එම සැකකරු, පොලිස් නිළධාරීන්ට උක්ගස් කැපීම සදහා යොදාගන්නා තියුණු ආයුධයකින් පහර දී, පළායාමට තැත්කර ඇති අතර, එහිදි පොලිසිය කල වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා රෝහල් ගතකර තිබෙි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ,වැල්ලවාය මහවෙළමුල්ල ප්‍රදේශයේ පදිංචි, මහවෙළමුල්ලේ සාන් සුද්දා නොහොත් සමිපත් කුමාර නැමැත්තෙකි.
පොලිසිය පවසන්නේ, සැකකරු ප්‍රදේශයේ ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවයි.එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු විවිධ අපරාධ සමිබන්ධයෙන් මෙි වනවිට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයයේ සැකකරුට එරෙහිව නඩු රැසක් විභාග වන බවද පොලිසිය පවසයි.
වැල්ලවාය පොලිසියට අනියුක්ත පොලිස් නිළධාරින් පිරිසක්, වැල්ලවාය නගරයට යාබද ස්ථානයක වැටලීමක් අතර තුර, මෙම පුද්ගලයාගේ සැකකාර හැසිරිම නිරීක්ෂණය කර, පොලිස් නිළධාරින් විසින් ඔහු පරීක්ෂා කිරිමට ගොස් ඇති අතර,එහිදි සැකකරු, උක්ගස් කැපීමට භාවිතාකරන තියුණු ආයුධයක් ගෙන පොලිස් නිළධාරින්ට පහරදිමට තැත්කර ඇත. එහිදි වහා ක්‍රියාත්මක වු පොලිස් නිළධාරියකු ඔහු සතු ගිනි අවියෙන් මෙම සැකකරුට වෙඩිතබා තිබෙි.
මෙහිදි සැකකරුගේ පාදවලට වෙඩි වැදි ඇති අතර, සැකකරු වැල්ලවාය මුලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා මොණරාගල මහ රෝහල වෙත මාරුකර යවා තිබෙි.සැකකරු සන්තකයේ තිබි මත්ද්‍රව්‍ය සොයාගත් බවද පොලිසිය පවසයි.
සැකකරුගේ තත්වය එතරම් බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මොණරාගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කමල් එන් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත වැල්ලවාය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එම් කරුනාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.
මොණරාගල - නයනජීව බන්ඩාර
වැල්ලවාය - අයි. ආර් ඉන්දික