සා.පෙළ සිසුන් විභාගයට ට්‍රැක්ටරයෙන් හා බෝට්ටුවෙන් යයි


පවතින ධාරානිපාත වර්ෂාව නිසා ගිංගඟ පිටාර ගැලීමෙන් හිනිදුම ප්‍රදේශයේ මාර්ග සහ නිවාස ජලයෙන්යටවී ප්‍රදේශවාසීහු දැඩිපීඩාවට පත්වී සිටිති.

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයක්ව පවතින හිනිදුම මල්ලිකා මහා විද්‍යාලයේ ගොඩනැගිලි කිහිපයක්ද ගංවතුරෙන්යටවී ඇති අතර සිසුන් විභාගශාලා වලට ගෙන ඒමට හිනිදුම මල්ලිකා මහා විද්‍යාලයේ විදුහල්පති බටුවන්ගල විජිතහිමිපාණන්, හිනිදුමපොලීසිය, නාවිකහමුදාව, ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය  ඇතුළු පිරිස් ඊයේ(01)උදෑසනකටයුතුකළහ.

ධාරාණිපාත වර්ෂාවත් සමග  උඩුගම අකුරැස්ස මාර්ගයේ හිනිදුම මල්ලිකා විද්‍යාලය අසල සහ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවි  තිබුණි.විභාගයට පෙනි සිටින සිසු දරු දැරියන් 40 දෙනෙකු පමණ බෝට්ටු මගින් විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කළ බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ලුතිනල් කර්නල්  පි.ඩබ්ලිව් කරුණාරත්න මහතා පැවසීය.

හිනිදුම රවින්ද්‍ර ශ්‍රීලාල්

 



Recommended Articles