ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක්


ස්විට්සර්ලන්තයේ සිට නව ගුවන් සේවයක් ආරම්භ කරමින් ප්‍රථම මංගල ගුවන් යානය අද (10දා) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

ස්විට්සර්ලන්තයේ සුරීච් ජාත්‍යන්තර ගුවන් තොටුපළ සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර මෙම ගුවන් සේවාව ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි .

ඊඩල්වයිස් ( Edelweiss ) ගුවන් සේවයේ ඩබ්ලිව්.කේ.068 දරන  පළමු ගුවන් යානය අද (10දා) දහවල් 12.20 ට ස්විට්සර්ලන්තයේ සුරීච් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය තුළ එරට සංචාරක ගුවන් මගීන් 125 දෙනෙකු සහ ගුවන් යානා  කාර්යය මණ්ඩලය 15 දෙනෙකු  සිටියහ .

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි අතර ගුවන් තොටුපළේ දී මෙම ගුවන් මගීන් ඉතා උසස් ආකාරයෙන් පිළිගැනීම සිදු කෙරුණි .

මෙම ගුවන් සේවය සතියකට වරක් මෙතැන් සිට ස්විට්සර්ලන්තයේ සුරීච් සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි .



Recommended Articles