ස්පුටිනික් මාත්‍රා 50000ක් අද දිවයිනට


ස්පුට්නික් V කොවිඩ් -19  මර්දන එන්නත් මාත්‍රා 50,000ක් අද (27දා) රාත්‍රියේ දී මෙරටට පැමිණීමට නියමිත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පැවසීය.
 
ශ්‍රී ලංකාව විසින් රුසියාවෙන් ඇනවුම් කරන ලද ස්පුට්නික් V එන්නත් මාත්‍රා තොගයේ පළමු කොටස ලෙස මාත්‍රා 15,000 ක ප්‍රමාණයක් පසුගිය දා මෙරටට  ලැබුණි.
 
ඒ අනුව අදාල ඇනවුමෙහි දෙවැනි තොගය ලෙස මෙලෙස මාත්‍රා 50,000 ක ප්‍රමාණයක් ලැබෙනු ඇත .
 
පළමු තොගයේ එන්නත් මාත්‍රා ගොතටුව ප්‍රදේශයේ ජනතාවට එන්නත් කෙරිණි . දෙවෙනි තොගයේ එන්නත් , එන්නත් කරන වැඩසටහන සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳ  ඉදිරියේදී දැනුම් දීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසී ය.


Recommended Articles