ස්පුටිනික් මාත්‍රා 120000ක් ගෙනෙයි


රුසියාවේ නිෂ්පාදිත " ස්පුට්නික් - V " එන්නතේ දෙවන මාත්‍රාවට අයත් එන්නත් මාත්‍රා 120,000 ක්  භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද (20දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ.

මෙම එන්නත් රුසියාවේ මොස්කව් නුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගුවන් මගින් ගෙනැවිත් තිබුණි.

ඉන්පසුව එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් 09/20 දින අලුයම 01.52 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

මෙම කිලෝ ග්රැම් 1,450 ක් බරැති එන්නත් තොගය  පෙට්ටි කීපයක්  තුළ අසුරා තිබුණි. මෙම " ස්පුට්නික් - V " එන්නත් තොගය, මහනුවර ප්‍රදේශයේ, එම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගෙන ඇති ජනතාව වෙත ලබා දීමට නියමිතය.



Recommended Articles