ස්පුට්නික් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂයක් ලබන සතියේ දිවයිනට


ලබන 12වැනිදා මෙරටට රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂයක් ලැබිමට නියම්ත බව රාජ්‍ය ඖෂධ සංස්ථාව පැවසීය.

ඒ අනුව රුසියාවෙන් ඇණවුම් කළ එන්නත් ම්‍රාත්‍රා මිලියන 7හි පළමු තොගය ලෙස මෙරටට ලැබිමට නියමිතයි.

ඉදිරි තොග මාසිකව මෙරටට ලබාදිමට අදාළ සමාගම එකඟ වි තිබෙන අතර මෙහි විශේෂත්වය වන්නේ එන්නතේ පළමු මාත්‍රාව හා දෙවැනි මාත්‍රාවද ලබන 12 වැනිදා මෙරටට ලැබිමයි

 



Recommended Articles