ස්පාඤ්ඤයේ කොවිඩ් මරණ 1000 ඉක්මවයි ‌


ස්පාඤ්ඤයේ කොවිඩ් -19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 1,002 ක් වූ අතර එය පෙර දිනයට වඩා මරණ 235 ක වැඩිවීමකි.

ස්පාඤ්ඤයේ සමස්ථ රෝගීන් 19,980 ක් වාර්තා වී තිබේ.

රෝගීන්ගේ වැඩිවීමට රෝගීන්ගේ 16.5% ක අගයක් පෙන්වා තිබේ. එය පෙරදිනට වඩා මන්දගාමී වැඩිවීමකි.

ස්පාඤ්ඤයේ රෝගීන් 1,141 ක් පමණ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් පසුවේ. වාර්තා වී ඇති මුළු රෝගීන්ගෙන් 10,542 ක් රෝහල් ගත කර ඇති අතර එය මුළු සංඛ්‍යාවෙන් 52% කි.

බ්‍රහස්පතින්දා දිනය අවසන් වන විට රෝගීන් 17,147 ක් හා මරණ 767 ක් වාර්තා වී තිබුණි.



Recommended Articles