වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එහි කාන්තාවකට පහරදුන් බව කියන කොස්තාපල් වරයෙකු අත් අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ පොලිසියේ රාජකාරි කරන කොස්තාපල් වරයෙකු බව පොලිසිය කීය.
සැකකාර කොස්තාපල් වරයා හොරණ මූලස්ථාන පොලිසියේ සිට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට විශේෂ රාජකාරියක් සඳහා පැමිණ සිටියදී සම්බාහන මධ්‍යස්ථානයට ගොස් ඇති බව පොලිසිය පවසයි.
සැකකාර කොස්තාපල්වරයා ජංගම දුරකථනයක්ද පොළොවේ ගසා අදාළ කාන්තාවට පහරදී ඇති බවත්, ඇයව වාද්දුව නගරයේ රාජ්‍ය බැංකුවක් වෙත කැටුව විත් මුදල් ලබා දෙන ලෙස ඉල්ලා පහරදී ඇති බවත් පොලිසිය කීය.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි . වාද්දුව පොලිසිය පරීක්ෂණණ පවත්වයි.
පානදුර සුමිත් පොතුපිටිය සහ වාද්දුව දයා හේමන්ත සිල්වා