ස්පයිස් ජෙට් යළිත් ලංකාවට එයි


ස්පයිස් ජෙට් ගුවන් සේවා සමාගම යළිත් ඉන්දියාවේ මදුරෙයි සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර ඍජු ගුවන් ගමන් සේවා 08/20 පස්වරුවේ සිට  ආරම්භ කළේය.

මෙම ගුවන් ගමන් සේවා පසුගිය කොරෝනා වසංගත සමයේ දී අත් හිටුවා තිබුණි. එස්.ජී.- 003 දරන ප්‍රථම මංගල ගුවන් යානය 08/20 දින පස්වරු 02.02 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

මෙහි ගුවන් මගීන් 30 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 04 දෙනෙකු සිටියහ. මින්පසු සතියේ සදුදා, අගහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දින වල මෙම ගුවන් සේවා යානා පස්වරු 02.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත අතර යළිත් එදිනම පස්වරු 03.10 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා පිටත්ව යාමට නියමිතය.

08/20 දින පැමිණි මෙම ගුවන් යානය පස්වරු 02.50 ට ගුවන් මගීන් 50 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 04 දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් මදුරෙයි බලා පිටත්ව ගොස් තිබුණි.



Recommended Articles