ස්ථාන කිහිපයක් වසා තැබීමට නියෝග


රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මස් මාංශ අලෙවිසැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඒ අනුව, මැයි මස 30, 31 සහ ජූනි 01 යන දිනයන් හි දිවයින පුරා ඇති සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවිය නැවැත්වීමටත්, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, අවශ්‍ය කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. (IJ)



Recommended Articles