ස්කූටරයක් ඇලකින් සොයා ගනී


කඩුවෙල පහල බෝමිරිය  අතුරුගිරිය මාර්ගයේ  වෙලේකඩේ හංදිය ප්‍රදේශයේ ඇල මාර්ගයක තිබී ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් අද (1දා) සොයාගත් බව  නවගමුව පොලිසිය පවසයි.

ඇල මාර්ගයක යතුරු පැදියක් තිබෙන බවට නවගමුව  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් සිල්වා මහතාට  ලද තොරතුරක් අනුව  යතුරු පැදිය සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

යතුරු පැදිය ඉදිරිපස සහ පසුපස සවිකර තිබ කර තිබෙන ලියාපදිංචි  අංක දෙක ම ව්‍යාජ ඒවා බවත්, යතුරුපැදියේ එන්ජින් අංක ඔස්සේ යතුරුපැදිය හිමිකරු සොයා විමර්ශන සිදුකරන බව එම නිලධාරියා පැවසීය.

ඊයේ (31දා) රාත්‍රියේ දී   වැල්ලම්පිටිය සාලමුල්ල  ප්‍රදේශයේදී පුද්ගලයෙකුට  වෙඩි තැබීමට  නාඳුනන පුද්ගලයන්  පැමිණ තිබුනේ ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් බැවින් ඇළ මාර්ගයේ තිබී සොයාගත්  යතුරුපැදිය එය  දැයි  සැකයක් පවතින බව  පොලීස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. 

නවගමුව   පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂමන්  සිල්වා මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වසන්ත අලහකෝන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.

 

 



Recommended Articles