සහල් හා වී සත්ත්ව ආහාර වෙනුවෙන් ගැනීම තහනම් කරයි


සහල් හෝ වී සත්ත්ව ආහාර නිශ්පාදනය සඳහා සෘජුව භාවිත කිරීම හෝ අන්‍යාකාරයකින් සත්ත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස භාවිත කිරීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදා හැරිම හෝ මිලදි ගැනීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සියලුම නිෂ්පාදකයින්, වෙළඳුන් හා බෙදාහරින්නන් වෙත මෙම නියෝගය අදාළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.  



Recommended Articles