සහල් වලට යළි පාලන මිලක් නියම කිරිමට අවධානය


වෙළෙඳපොළේ ඉහළ යමින් තිබෙන සහල් මිල පාලනය සඳහා ඉදිරියේදී නැවතත් පාලන මිලක් නියම කිරීමට අවධානය යොමුව ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය.

ඉදිරියේදී සහල් මිල තවදුරටත් ඉහළ යා හැකි බැවින් සහල් සඳහා නැවතත් පාලන මිලක් නියම කරන ලෙස ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් රජයෙන් ඉල්ලීම් කර තිබිණි.

 



Recommended Articles