සවස් කාලයේ අද වැසි තත්ත්වයක්


දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දීත් තැනින් තැන වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං හා අකුණු ඇති විය හැකිය.



Recommended Articles