සලේ වෙනමම කුටියකට දැම්මේ නෑ, අවශ්‍ය ආහාර බටයක් මගින් ආමාශයට යනවා


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා රඳවා තබා ගත්තේ වෙනත් අය රඳවා තබා ගන්නා ස්ථානයේම බවත් ඔහුට වෙනමම ස්ථානයක් සකස් නොකළ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කීය.

ඒසේම සුරේෂ් සලේ මහතා නිරාහාරව සිටියත් ඔහුට අවශ්‍ය පෝෂණය ජාතික රෝහල මගින් ලබා දෙන බවත් ආහාර බටයක් මගින් ආමාශයට ඇතුළත් කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.

"සුරේෂ් සලේ මහතාට කරන්න තියෙන්නේ මේ පරීක්ෂණයට සහාය දීමයි. ඔහු නිවැරදිකරුවෙක් නම් මෙතනින් එහාට නිවැරදි වෙන්න පුළුවන්. නිරාහාරව ඉදලා මේ ප්‍රශ්නය තවදුරටත් උග්‍ර නොකළ යුතුයි"



Recommended Articles