සරුංගල් යැවීමේදී මේ ගැනත් සැලකිිලිමත් වෙන්න


මේ දින වල මී උණ රෝගය පැතිර යන බැවින් ළමුන් කුඹුරු ආශ්‍රිතව සරුංගල් යැවීමේදී සැලකිලිමත් විය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය.

සරුංගල් යවන කාලයට දකින ලෙඩක් තමයි මී උණ. සාමාන්‍යයෙන් ගමේ දරුවෝ සරුංගල් යවන්නේ කුඹුරු වලනේ. වෙල් යායවල් වලනේ. මඩ  පෑගෙනවා. ඒ සමගම උණ දවස් 4-5ක් තිබුණොත් මේක මී උණ වෙන්න පුළුවන්. ඒක ගැන කල්පනාකාරී වෙන්න. සරුංගලයක් යවද්දි පුළුවන් නම් සෙරප්පු දෙකක් දාගෙන , මඩේ බහින්නේ නැතිව කළොත් හොඳයි. රෝග ලක්ෂණ විදියට උණ දවස් 4-5ක් තියෙන්න පුළුවන්. ඇස් රතු හෝ කහ පාට වෙන්න පුළුවන්. ඒවගේ රෝග ලක්ෂණ එක්ක මේ දරුවෝ වාර්තා වුණොත් මේක මී උණ වෙන්න පුළුවන්. 



Recommended Articles