සරුංගල් යවමින් සිටි දරුවෙකු ළිඳකට වැටි මරුට


තඹුත්තේගම ගුරුගම ප්‍රදේශයේ, 9 හැවිරිදි දරුවෙක් සරුංගල් යවමින් සිටිය දී වගා ළිඳකට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

දරුවා බොහෝ වේලාවක් නිවසට නොපැමිණීම හේතුවෙන් කලබලයට පත් දෙමාපියන් ඔහු සොයා ගොස් ඇති අතර, සරුංගලයේ නූල දැක වගා ළිඳ තුළ පරීක්ෂා කර තිබේ.

ඥාති පුද්ගලයෙක් ළිඳට බැස බැලීමේ දී දරුවා අඩි 20ක් පමණ ගැඹුරු වගා ළිං පත්ලේ සිර වී සිට ඇති අතර, පසුව ඉන්ගෙන ඇත.

පසුව මෙම දරුවා තඹුත්තේගම මුලික රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔහු ජීවිතයට සමුදී සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 

 



Recommended Articles