සරුංගල් ආරවුලකට සිසුවෙකුගේ අත වෙන් වෙන්නම කපයි


මාතර වෙහරගම්පිට ප්‍රදේශයේ දී සරුංගල් යැවීම සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් පසු 16 හැවිරිදි පාසල් සිසුවෙකුට කඩුවකින් පහර දී අතක් කපා දමා බරපතල තුවාල සිදු කල බව කියන එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අද  (26) සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.

එම සිද්ධියෙන් අදාල සිසුවාගේ දකුණු අතේ මැණික් කටුවට ඉහලින් කැපී සම්පූර්ණයෙන්ම වෙන්ව ගොස් තිබු අතර පවුලේ ඥාතීන් කැපී ගිය අතේ කොටස අයිස් වල දමා රෝහල වෙත රැගෙන විත් තිබුණි.

පසුව මූලික ප්‍රතිකාර වලින් පසු පාසල් සිසුවාගේ අත බද්ධ කිරීම සදහා ඉක්මණින් කොලඹ ජාතික රෝහල වෙත මාරු කර යවනු ලැබීය.

සරුංගල් යැවීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඇති වු ආරවුලක් පසු මෙම කඩු ප්‍රහාරය එල්ල කර තිබෙන බව කියති.

කෙසේ වෙතත් ඊට සම්බන්ධ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු සැක පිට අත්අඩංගුවට ගෙන තිබු අතර ඔවුන් අද (26) සවස මාතර කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ක්‍රිෂාන් ජීවක ජයරුක්

 

 



Recommended Articles