සර්වඥ ධාතු වන්දනාව හෙටින් අවසන්, අද රෑ 10ට පෙර පෝලිමට එන්න


හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන උතුම් සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව හෙට (11) උදෑසන 6.00ට අවසන් කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ  ජනරාල් එච්.එස්.කේ.ජේ.බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඒ අනුව, ධාතුන් වහන්සේ වන්දනාවට එක්වීමට බලාපොරොත්තු වන සියලුම ජනතාව අද (10) රාත්‍රී 10.00ට පෙර පෝළිම්වලට එක්වන ලෙස දැනුම් දී ඇත.



Recommended Articles