සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව දේශපාලන පක්ෂ සමග අද (02) පැවති සාකච්ඡාවේ දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින් සහ සාමාජිකයෝ පළමු සාකච්ඡා වටයට එක්ව සිටි අතර දෙවන සාකච්ඡාව ලංකා කම්කරු කොංග්‍රසය සමග පැවැත්විණි. ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් යන මහත්වරු ඇතුළු නියෝජිතයෝ ඊට සහභාගී වූහ.
සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳ හෙට (03) දිනයේ ද පාර්ශ්ව කිහිපයක් සමග ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට නියමිත අතර සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ රැසක් ඉදිරි සාකච්ඡාවලට එක්වීමට එකඟතාව පළ කර තිබේ.