සරසවි සිසුන්ට කොවිඩ් එන්නත ළඟම ඇති විශ්වවිද්‍යාලයෙන්


වයස අවුරුදු 20ත් 30ත් අතර සියලුම සරසවි සිසුන්ට කොවිඩ් මර්දන එන්නත ළඟම ඇති විශ්වවිද්‍යාලයෙන් ලබාගැනීමට හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව, ඔවුන්ට ලබන සඳුදා සිට සිකුරාදා දක්වා කොවිඩ් මර්දන එන්නත ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

 



Recommended Articles