සරල හා කාර්යක්ෂම බදු ක්‍රමයකට පනත් සංශෝධනයක්


වඩාත් සරළ, කාර්යක්ෂම හා විනිවිද බදු ක්‍රමයක් ඇති කිරීම වෙනුවෙන් පනත් 4ක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව ජාතිය ගොඩනැගීමේ බදු පනත, ආර්ථික සේවා ගාස්තු පනත, වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බදු පනත, මුදල් පනත මේ අනුව සංශෝධනය කර රජයේ ගැසට් පත්‍රයේ  පළ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මීට අමතරව දේශීය ආදායම් පනත හා එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීමට නිති කෙටුම්පත් සම්පාදකට  බලය පැවැරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.



Recommended Articles