සයිනෝෆාම් දෙවන මාත්‍රාව ලබා ගැනීමට පැමිණිය යුතු දිනය, ස්ථානය සහ වේලාව ඉදිරි දිනවල කෙටි පණිවුඩයක් (SMS) මගින් දැනුම් දෙන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
මේ අතර චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් රැගත් යානය අද(06) පෙරවරුවේ මෙරටට ළඟා විය.
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ, අදාළ සයිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10 දිස්ත්‍රික්ක 12 ක ජනතාවට ලබා දීමට පියවර ගන්නා බවත්ය.

