සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ගත් කොළඹ ජනතාවට දැනුම්දිමක්


කොළඹ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නතේ  පළමු මාත්‍රාව ලබාගෙන තිබෙන ඕනෑම කෙනෙකුට එහි දෙවන මාත්‍රාව රිජ්වේ ආර්යා ළමා රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ  වෛද්‍ය සන්තුෂිත සේනාපති මහතා පැවසීය.

එම රෝහල් පරිශ්‍රයේ අද (03) දිනයේ ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව පැවසීය.

මේ අතර වයස අවුරුදු 60 වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සයිනොෆාම් එන්නත ලබාදීමේ වැඩසටහන ද රිජ්වේ ආර්යා ළමා රෝහල ආසන්නයේ ශාන්ත ලූකස් දේවස්ථානය පරිශ්‍රයේ පැවැත්වේ. 

 



Recommended Articles