සයිනොෆාම් එන්නත් මිලියනයක් අද දිවයිනට


චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් ලක්ෂ 10 ක් අද දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

ඊයේ දිනයේද දිස්ත්‍රික්ක කිහිපයක එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක විය. 

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 3,103 දෙනෙකු මෙරටින් ඊයේ වාර්තා වූ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේනද්‍ර සිල්වා කියා සිටියේ.

 



Recommended Articles