සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් මෙරටට


ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සදහා චීනයෙන් මිළදී ගත් , එරට නිෂ්පාදිත " සයිනොෆාම් " එන්නත් , තවත් මාත්‍රා ලක්ෂ 40 ක් (මිලියන 04 ) බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් 09/18 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

මේ ආකාරයට වැඩිම  එන්නත් මාත්‍රා ප්‍රමාණයක් වන , එන්නත් මාත්‍රා ලක්ෂ 40 ක් ශ්‍රී ලංකාවට ගෙන ආ දෙවන අවස්ථාව මෙයයි .

මෙම එක් එන්නත් බදුනක් තුළ එන්නත් මාත්‍රා 05 ක් අසුරා තිබීම නිසා , එන්නත් බදුන් ලක්ෂ 08 කින් සමන්විත   මෙම එන්නත් ලක්ෂ 40 ක තොගය එක් ගුවන් යානයකින්ම  එකවරම ප්‍රවාහනය කිරීමට හැකි වී තිබේ .

මෙම එන්නත් තොගය රැගෙන චීනයේ බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 865 දරන ගුවන් යානය 09/18 දින අලුයම 12.45 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

කිලෝ ග්රැම් 16,214 ක් බරැති   මෙම එන්නත් පෙට්ටි 41 ක් තුළ අසුරා තිබුණි .ගුවන් යානයෙන් පිටතට ගත් එන්නත් තොගය , එසැනින්ම ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ අංශයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණි .

ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් මෙම එන්නත් තොගය , ඔවුන්ගේ කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට නියමිතය’



Recommended Articles