සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් දිවයිනට


ශ්‍රී ලංකාව විසින් මිළදී ගත් , සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 10 ක් , අද දින අලුයම , චීනයේ බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

මෙම එන්නත් තොගය , කිලෝ ග්‍රෑම් 16,887 ක් බර ඇසුරුම් තුළ , වියළි අයිස් යොදා අසුරා තිබේ .

චීනයේ බෙයිජිං නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 869 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන  ගුවන් යානයෙන් අද දින අලුයම 05.09 ට මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ .

 



Recommended Articles