සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරාගැනීම් පිළිබ​ඳ විමර්ශනයක්


රුපියල් 90,000 ක් වටිනා සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරාගැනීම සම්බන්ධයෙන් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඊයේ (16) හබරාදුව පොලිසිය වෙත පැමිණිල්ලක් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්ත සේවය කරන රියදුරෙකුට සහ සුළු සේවකයෙකුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



Recommended Articles