සයිටම් වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කිරීමට නියෝගයක්


මාලඹේ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරීන් සති තුනක් ඇතුළත රජයේ වෛද්‍ය නිලධාරීන් ලෙස ලියාපදිංචි කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අද (30දා) නියෝග කළේය.

සයිටම්  උපාධිධාරීන් තිදෙනෙකු ගොනු කළ පෙත්සම් විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් වන බුවනෙක අළුවිහාරේ, එල්.ටී.බී.දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම තීන්දුව හරහා සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් 82 ක් වෛද්‍ය වෘත්තිකයින් වශයෙන් ලියාපදිංචි වීමේ හැකියාවක් පවතී.



Recommended Articles