සමෘද්ධියට වැඩි කළ සියයට 28 ක දීමනාව හෙට සිට


දිවයින පුරා සමෘද්ධි ප්‍රතිලාභීන්ට වැඩි කළ 28% ක සමෘද්ධි දීමනාව හෙට (14) දින සිට සමෘද්ධි ප්‍රතිලාභීන්ට ලබා  දීමට නියමිත බවත්, 2022 වර්ෂය තුල සමෘද්ධි ප්‍රතිලාභීන් සදහා දීමනා ලබා දීමට රුපියල් මිලියන 65,000 ක මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කරන බවත්, සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

ඒ අනුව මෙතෙක් රුපියල් 3500 ක දීමනාවක් ලබපු පවුල් ඒකකයක් රුපියල් 4500 ක දීමනාවක් ලබන්නෙකු බවටත්, රුපියල් 2500 ක දීමනාවක් ලබපු පවුල් ඒකකයකට රුපියල් 3200 ක දීමනාවක්ද, රුපියල් 1500 ක දීමනාවක් ලබපු පවුල් ඒකකයක් රුපියල් 1900 ක දීමනාවක්ද ලබන බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

අනුරාධපුරයේදි අද දින (13) ඒ පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැදවමින් රාජ්‍ය ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය. සමෘද්ධි ප්‍රතිලාභීන් ලෙස දිවයින පුරා සිටින දාහත් ලක්ෂ හැට හත්දහසක (1,767,000) පවුල් ඒකක සංඛ්‍යාවක් සඳහා මෙම හිමිකම ලැබෙයි.

 

 



Recommended Articles