සමෘද්ධි බැංකුවට පැන්න හොරුන්ට සෙප්පුව අරන් යන්න බැරි වෙලා


පුත්තලම නගරයෙ පිහිටි පාලවිය සමෘද්ධි බැංකු ශාඛාවට  කඩා වැදි ඇති සොරුන් පිරිසක් එහි මුදල් හා වටිනා ලිපි ද්‍රව්‍ය තැම්පත් කර තිබූ විශාල සෙප්පුව රැගෙන යාමට උත්සහ කර ඇතත් එය නොහැකි වු තැන මාර්ගය අසල කානුවකට දමා ගොස් තිබියදී සොයා ගත් බව පුත්තලම මුලස්ථාන පොලීසිය (26දා) පැවසිය.

23 දින සමෘද්ධි බැංකුව එහි පාලනාධිකාරිය වසා දමා ගොස් තිබියදී 24, හෝ 25 දින රාත්‍රි කාලයෙ මෙම බැංකු ශාඛාවට පිටුපසින් වූ නගරයෙ අපද්‍රව්‍ය ගලා යන ඇල අසළින් මෙම බැංකු ගොඩනැගිල්ල පිහිටි ඉඩමට සොරුන් ඇතුල් වී ඇති බවට මේ වන විට පොලීසිය සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව කියයි.

පාලවිය සමෘද්ධි බැංකු ශාඛාව මෙසේ පුත්තලම නගරයෙ ස්ථාපිත කර ඇත්තේ වසර කීපයක සිට එහි ආරක්ෂාව වෙනුවෙන් බවද කියයි.

කෙසේ නමුත් එසේ කඩා වැදුන සොරුන් බැංකුවේ ජනෙලයක් කඩා කාර්යාල පරිශ්‍රයට කඩා වැදි ඇති බවත් එයින් පසු සෙප්පුව කැඩිමට යම් උත්සහයක් ගෙන ඇති නමුත් එය කැඩිමට නොහැකි වු තැන එය රැගෙන යාමට උත්සහ දරා ඇති බව ද කියයි.

කිලෝ 300 කට වැඩි  ‍බරකින් යුත් මෙම සෙප්පුව රැගෙන යාමට සොරුන් උත්සහ කර ඇති නමුත් එයද නොහැකි වීම මත අසල කානුවට දමා ගොස් තිබු බව පොලිසිය කියයි.

පසුව සමෘද්ධි බැංකුවේ නිළධාරියකු 25 දින මෙම බැංකු ශාඛාවට පැමිණ ඇති අතර එහිදි මෙම සෙප්පුව කාණුවේ තිබෙනු දැක ඇති බවත් ඒ සමග ඉහල නිළධාරින් දැනුවත් කර පොලීසියට දන්වා ඇති බව කියයි.

පසුව පොලීසිය පැමිණ එම ස්ථානය පරික්ෂාවකට ලක්කර ඇති අතර එහිදි සනාථ වී ඇත්තේ සෙප්පුව සොාර ගැනීමට පැමිනි සොරුන් බැංකුවේ ජනෙල් කඩා ඇතුල්ව ඇති බවය.

පසුව පොලීසිය අදාල ස්ථානයට පැමිණ සෙප්පුව පොලිසියට රැගෙන යාමට කටයුතු කර තිබුනී.

එම සෙප්පුවේ සමෘද්ධි සාමාජීකයින්ගෙ දෛනික අය කිරීම් දමා ඇති බවත් ඒ සමග වැදගත් ලිපි ද එහි තැම්පත් කිරීම සිදුවන බව පැවසෙයි.

කෙසේ නමුත් සොරුන්ට සෙප්පුව විවෘත කිරීමට නොහැකි වී ඇති බව පොලිසිය සිදුකල මූලික විමර්ශන වලින් හෙළිව තිබේ.



Recommended Articles