සමූපාකාර ණය ගැන පාර්ලිමේන්තුවේ කාරක සභා දෙකක අවධානය


වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ඒකාබද්ධ රැස්වීමක් පසුගියදා පාර්ලිමේන්තුව්දී පැවැත්විණි.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (ආචාර්ය) හර්ෂ ද සිල්වා ප්‍රධානත්වයෙන් මෙම ඒකාබද්ධ රැස්වීම පැවැත්විම සිදු විය. 

මෙහිදී 2018 අංක 2 දරන ප්‍රපාතන විරෝධී සහ ප්‍රතිතෝලන බදු පනතේ 64,65,66,69 සහ 70 සමඟ කියවිය යුතු 84 වගන්තිය යටතේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2025 මාර්තු 27 දිනැති 2429/32 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභා දෙකෙහිම අනුමතිය ඒ සඳහා ලබාදෙන ලදි.

ප්‍රපාතන විරෝධී, ප්‍රතිතෝලන බදු සම්බන්ධ ක්‍රියාමාර්ග සහ ආරක්ෂණ පියවරයන් ලංකාවේ දේශීය නිෂ්පාදකයන්ට අසාධාරණ වෙළඳ කටයුතු සහ හදිසියේ සිදුවන ආනයන සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රතිකර්ම සලසන බවත් මෙම ප්‍රතිකර්‌ම මගින් අසාධාරණ වෙළඳ ක්‍රියාකාරකම් සහ හදිසි ආයනයන හේතුවෙන් සිදුවන හානි සහ හානියක් වීමට ඇති තර්ජන සම්බන්ධයෙන් සහන සැලසීම සිදු කරන බවත් මෙහිදි පැමිණ සිටි නිලධාරීන් මෙහිදී පැහැදිලි කරන ලදි.

මෙහිදී වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සාමාජිකයන් සමූපකාර ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන්ද දීර්ඝව සාකච්ඡා කිරීම සිදු වූ අතර සමූපකාර ණය ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු විය. කාරක සභාව පෙන්වා දුන්නේ සමූපකාර සඳහා ණය ලබාදීමට ප්‍රතිපාදන රහිත බවයි.මේ නිසා මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීමට අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති ගරු වසන්ත සමරසිංහ මහතා නිර්දේශ කළේය. එසේම පළාත් කොමසාරිස්වරුන් සහ ආණ්ඩුකාරවරුන් පාර්ලිමේන්තුව කැඳවා මේ සම්බන්ධයෙන් විශේෂ කමිටු වාරයක් පවත්වන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.



Recommended Articles