සම්භාහනය මුවාවෙන් වෙන වැඩක් කරලා - සැකකාරියන් 5ක් අල්ලයි


පෑලියගොඩ පොලිස් වසමේ බුළුගහ හන්දිය ප්‍රදේශයේදී පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසක් වටලා ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සම්බන්ධව සැකකාරියක් සහ ගණිකා සේවයේ යෙදී සිටීමට රැදී සිටි සැකකාරියන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 25 ත් 40 ත් අතර වයස්වල පසුවන වැල්ලවත්ත, කිරිමැටියාව, හොරණ, කඩවත හා මීගමුව යන ප්‍රදේශවල පදිංචිකාරියන් වේ. පෑලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



Recommended Articles