සම්භාහනය මුවාවෙන් වෙන වැඩකළ කතුන් 10 ක් අල්ලයි


වාද්දුව නගර මධ්‍යයේ සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා කාන්තාවන් දස දෙනෙකු සහ කළමණාකාර පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව වාද්දුව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත්වූවන් අතර මොරටුව ඇඹිලිපිටිය ,රත්නපුර, ගාල්ල, බදුල්ල , වැල්ලවාය පානදුර ඇතුළු ප්‍රදේශවල වයස අවුරුදු 20 ත් 50 ත් අතර කතුන් වන බව පොලිසිය කීය.

පානදුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද සෝදිසි වරෙන්තුවක් මත උපාය දූතයෙකු යොදවා කල වැටලීමේන් පසු අවට සැගව  සිටි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විතානගේ ඇතුළු පොලිස් කණ්ඩායම වැටලීම කර තිබේ.

ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්,  තරුණයන් මෙන්ම වයෝවෘද්ධ පුද්ගලයන්ද එහි කාලයක පටන් සේවා ලබාගෙන ඇති බවට සිදුකල මූලික පරීක්ෂණ වලදී හෙලිව ඇති බව වැටලීමට එක්වූ නිළධාරියෙක් කීය.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විතානගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් දූෂණ මර්ධන අංශ නිළධාරීන් සහ කාන්තා කොස්තාපල්වරියන් දෙදෙනකු වැටලීමට එක්ව තිබේ.

පානදුර සුමිත් පොතුපිටිය සහ වාද්දුව දයා හේමන්ත සිල්වා 



Recommended Articles