සම්බුදු තෙමඟුල වෙනුවෙන් පාර්ලිමේන්තු සංකීර්ණය ආලෝකවත් කෙරේ


මෙවර වෙසක් දිනයට සමගාමීව පාර්ලිමේන්තු සංකීර්ණය, දියවන්නා ඔය ඇතුළු කලාපය වෙසක් සැරසිලි හා විදුලි බුබුළුවලින් ආලෝකවත් විය.

කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය ඇතුළු ලේකම් මණ්ඩලයේ මගපෙන්වීම යටතේ පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ ඉංජිනේරු දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් අංශ, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය බෞද්ධ සංගමය සහ ශ්‍රී ලංකා යුධ හමුදාව ඊට අදාළ දායකත්වය ලබා දී තිබිණි.

මේ අතර මෙවර වෙසක් උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය බෞද්ධ සංගමය විසින් ඒකාබද්ධව පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ප්‍රථම වරට සංවිධානය කරනු ලබන “දියවන්නා වෙසක් බොදු බැති ගී සරණිය” 2025.05.16 වැනි සිකුරාදා ‍ප.ව 6.00ට  කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.



Recommended Articles