සම්පායෝට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ


මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ, තවත් උසස් බන්ධනාගාර නිලධාරීන් සිවුදෙනෙකුට සහ බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකුට එරෙහිව මීගමුව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.

කුමන්ත්‍රණය කිරීම සහ ව්‍යාජ ලේඛන යොදා ගෙන නීතිවිරෝධි භාණ්ඩ බන්ධනාගාරය තුළට ගෙන ඒම ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පැවසුවාය.

 



Recommended Articles