සම්පායෝ ඇතුළු නිලධාරීන් 4 දෙනාට වරෙන්තු


වැඩ තහනමට ලක්ව සිටින, මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ සහ ප්‍රධාන ජේලර්වරු වන සරත් බණ්ඩාර, නිශාන්ත සේනාරත්න සහ ජේලර් කාලිංග කළුඅග්ගල යන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර ඇත.

එම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා ගන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබුණි.



Recommended Articles