සමස්ත කොවිඩ් ආසාදිතයන් අතුරින් 45,000ක් කුඩා ළමුන්


ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 45,000ක පමණ පිරිසක් ළමුන් බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලීන් කිතුල්වත්ත සඳහන් කර සිටියි.

ඒ අතුරින් ළමුන් 20,000 ක් පමණ අවුරුදු 10 ට වඩා අඩු ළමුන් බවද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මේ අතර කොවිඩ් ආසාදිත ළමුන් 14 දෙනෙක් මේ වන විට මියගොස් ඇති බවද ඔහු සඳහන් කර සිටියේ​ය.

 



Recommended Articles