සමන්තා පවර් එයි


සංවර්ධනය සඳහා එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලන නිලධාරිනී සමන්තා පවර් මහත්මිය තෙදින නිල සංචාරයක් සඳ හා දිවයිනට ළඟා වූවාය.

ඇය සමග තවත් නිලධාරින් තිදෙනෙක් අද පෙරවරුවේ දෝහා කටාර් සිට දිවයිනට පැමිණියහ.

ඔවුන් ඉදිරියේදී මෙරට දේශපාලන නියෝජිතයන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

.සිය සංචාරය නිමවා යළිත් එළැඹෙන 12 දා ඔවුන් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.



Recommended Articles