සමනලවත්තේ අතුරුදන්ව සිටි පුද්ගලයෙක් හමුවෙයි


සමනවත්තේ අතුරුදන්ව සිටි පුද්ගලයෙක් ඔහු පදිංචි ස්ථානයේ සිට කිලෝ මීටර් 15ක පමණ දුරකින් දියවේල් රාස්සගල ලඳු කැලෑ ප්‍ර දේශයක සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

සමනලවත්තේ තවත් පුද්ගලයෙක් අතුරුදන්ව සිටි අතර ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට ඔහුගෙන් ප්‍රශ්න කිරීම හා ගම්වාසින් ඔහුව සැකකිරීම හේතුවෙන් පළමුව අතුරුදන්ව සිටි පුද්ගලයා නැවත ගමට පැමිණෙන තෙක් මෙසේ කිසිවෙකුටත් නොකියා ගමෙන් පිටව ගිය බව ඔහු ප්‍රකාශ කර තිබේ.



Recommended Articles