සමනල ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය නවතී


ගිනිගත්හේන පොල්පිටිය සමනල ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදක යන්ත්‍ර වල සිදු කරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් ඊයේ (18) දින සිට එම ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නතර කර ඇති බව එම ජල විදුලි බලාගාරයේ ඉංජිනේරුවරයෙකු පැවසිය.

එම ජල විදුලි බලාගාරයෙන් මෙගාවොල්ට් 75 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කරන අතර , ලක්ෂපාන ජල විදුලි බලාගාරයෙන් ජල විදුලි උත්පාදනය සදහා ලබා ගන්නා ජලය ලක්ෂපාන පොකුණු ජලාශයේ සිට උමං මාර්ගයක් ඔස්සේ සමනල ජල විදුලි බලාගාරය වෙත රැගෙන යනු ලබයි.

සමනල ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය තාවකාලිකව නතර කර ඇති නිසා ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනයෙන් පසු ජලය කැළණි ගගට මුදා හැරිමට ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ පාලන අධිකාරිය පියවර ගෙන ඇත.



Recommended Articles