සමඟියේ විරෝධතාව පැවැත්විම වළක්වාලමින් අධිකරණ කිහිපයකින් වාරණ නියෝග


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව සමගි ජන බලවේගය පක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතා පැවැත්වීම වළක්වාලමින් අධිකරණ කිහිපයක් විසින් වාරණ නියෝග නිකුත් කර තිබේ.

මේ අනුව එම වාරණ නියෝග නිකුත් කර ඇත්තේ  අලුත්කඩේ අංක 05, මහර අංක 01 හා 02, කඩුවෙල සහ හෝමාගම යන අධිකරණ විසින් බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය.

සමගි ජන බලවේගය පක්ෂය විසින් සංවිධානය කර ඇති විරෝධතා පැවැත්වීම වළක්වාලන ලෙස පොලීසිය විසින් සිදුකළ ඉල්ලීම මාළිගාකන්ද, ගංගොඩවිල සහ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.



Recommended Articles