සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අනිද්දා ඇරඹේ


ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු අනිද්දා  (15දා) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන්හි සියලුම වසර වල සිසුන් වෙනුවෙන් අධ්‍යයන කටයුතු එදින සිට  ආරම්භ කරන බව එහි ලේඛකාධිකාරී වී.ඩී. කිත්සිරි මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව  අදාළ සියලුම  ශිෂ්‍ය ශිෂ්‍යාවන් නියමිත දිනයන්හි අධ්‍යයන කටයුතු   සඳහා සහභාගී වීමට විශ්වවිද්‍යාල නේවාසිකාගාර වෙත හෙට  (14දා) වාර්තා කළ යුතු බවද  හෙතෙම දන්වා සිටියේය.

බෙලිහුල්ඔය එස්. රත්නායක

 

 



Recommended Articles